Tuesday, July 4, 2023

"දකුණේ රසවත් වූ බස මාතර බස"

         ප්‍රාදේශීය වශයෙන් භාෂාවන්ගේ විවිධත්වයක්  දැකිය හැකි  අතර
මාතර බස ඒ අතර වඩාත් රසවත් ය.ඒ අනිකුත් ප්‍රාදේශයන්ට සාපේක්ෂව විශේෂත්වයක්  දැකිය හැකි නිසාවෙනි .එවැනි  වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය .
                              වෙනත්  ප්‍රාදේශයන්හිදී දිවුල්  යනුවෙන් හදුන්වන පලතුර මාතර දී ජූල් යනුවෙන් හදුන්වනු  ලැබේ .තවද මාතරදී කූඹියා  හදුන්වනු  ලබන්නේ හින්නා ලෙසය.මාලුපිනි වෑංජන ලෙස හදුන්වනු ලබයි .ස්වල්පයක්  ඩිංගක්  ලෙස  හදුන්වන  අතර කතා  කරනවා යන්න දොඩනවා වේ.මොනවාද , මොකද මාතර දී මොකටෙයි,මක්කටෙයි  ලෙස  දක්වයි.  
                           උයනවා හදුන්වනු  ලබන්නේ  පිසිනවා යනුවෙනි .කෙහෙල්  මුව වතුමොයියා ලෙසත් ගස්ලබු  පැපොල් කීර පලා ලෙසත් හදුන්වනු  ලබයි.දණහිස දණපොලොත්ත ලෙසත් ලුණු පොල් කටුව ලුණු  පොලොත්ත ලෙසත්  හදුන්වනු  ලබයි.
                                  මාතරදී  ඕනෑම  පුද්ගලයකු  හැදින්වීමට ඔහේ යන්න භාවිතා  කරයි .කතා කරනවා දොඩනවා  ලෙස හදුන්වනු ලැබේ.
                      "මේ දෑස කුමටද?"යන සිනමා පටය මාතරදී  ප්‍රදර්ශනයට ලක්කෙරුන ද ඒ සදහා  ජනතාවගේ ප්‍රසාදයක් නොවීය.පසුව ඊට හේතුව  ලෙස සිනමා පටයේ නම බවත්  එය මාතර  අයට ගැලපෙන  ලෙස "මේ දෑස  මක්කටෙයි ?" යනුවෙන්  ප්‍රදර්ශනය කල අතර මේ වෙනසත් සමග විශාල සෙනඟක් සිනමා පටය නැරඹීමට  පැමිණි  බවත් බොහෝ  දෙනා පවසති.
                          මෙවැනි  රසවත් සිදුවීම්  බොහොමයක්  මාතර  බස නිසා නිර්මාණය  වී ඇත .මාතර බස ඉගනීමට හොඳම කෘතිය "අපේ ගම මාතර " කෘතියයි.කෙසේ  වුවත්  මාතර  බස සෑම  තැනකදීම සිනහ නංවන්නේ එහි ඇති රසවත් බව නිසා යන්න මාගේ මතයයි.