ප්‍රාදේශීය වශයෙන් භාෂාවන්ගේ විවිධත්වයක් දැකිය හැකි අතර
මාතර බස ඒ අතර වඩාත් රසවත් ය.ඒ අනිකුත් ප්‍රාදේශයන්ට සාපේක්ෂව විශේෂත්වයක් දැකිය හැකි නිසාවෙනි .එවැනි වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය .
වෙනත් ප්‍රාදේශයන්හිදී දිවුල් යනුවෙන් හදුන්වන පලතුර මාතර දී ජූල් යනුවෙන් හදුන්වනු ලැබේ .තවද මාතරදී කූඹියා හදුන්වනු ලබන්නේ හින්නා ලෙසය.මාලුපිනි වෑංජන ලෙස හදුන්වනු ලබයි .ස්වල්පයක් ඩිංගක් ලෙස හදුන්වන අතර කතා කරනවා යන්න දොඩනවා වේ.මොනවාද , මොකද මාතර දී මොකටෙයි,මක්කටෙයි ලෙස දක්වයි.
උයනවා හදුන්වනු ලබන්නේ පිසිනවා යනුවෙනි .කෙහෙල් මුව වතුමොයියා ලෙසත් ගස්ලබු පැපොල් කීර පලා ලෙසත් හදුන්වනු ලබයි.දණහිස දණපොලොත්ත ලෙසත් ලුණු පොල් කටුව ලුණු පොලොත්ත ලෙසත් හදුන්වනු ලබයි.
මාතරදී ඕනෑම පුද්ගලයකු හැදින්වීමට ඔහේ යන්න භාවිතා කරයි .කතා කරනවා දොඩනවා ලෙස හදුන්වනු ලැබේ.
"මේ දෑස කුමටද?"යන සිනමා පටය මාතරදී ප්‍රදර්ශනයට ලක්කෙරුන ද ඒ සදහා ජනතාවගේ ප්‍රසාදයක් නොවීය.පසුව ඊට හේතුව ලෙස සිනමා පටයේ නම බවත් එය මාතර අයට ගැලපෙන ලෙස "මේ දෑස මක්කටෙයි ?" යනුවෙන් ප්‍රදර්ශනය කල අතර මේ වෙනසත් සමග විශාල සෙනඟක් සිනමා පටය නැරඹීමට පැමිණි බවත් බොහෝ දෙනා පවසති.
මෙවැනි රසවත් සිදුවීම් බොහොමයක් මාතර බස නිසා නිර්මාණය වී ඇත .මාතර බස ඉගනීමට හොඳම කෘතිය "අපේ ගම මාතර " කෘතියයි.කෙසේ වුවත් මාතර බස සෑම තැනකදීම සිනහ නංවන්නේ එහි ඇති රසවත් බව නිසා යන්න මාගේ මතයයි.
දියවර
Tuesday, July 4, 2023
"දකුණේ රසවත් වූ බස මාතර බස"
Tuesday, December 5, 2017
"පැරණි ජන සන්නිවේදන ක්‍රම"
"ජන නැටුම්"
- කුළු නැටුම්
- කළගෙඩි නැටුම්
- පන්තේරු නැටුම්
- ගොයම් නැටුම්
- රබන් නැටුම්
- මෝල්ගස් නැටුම්
"ජන කතා"
“අපි අන්දරේ සමග ගඟට නාන්නට යමු... එක් එක්කෙනා කුකුළු බිත්තරයක් සඟවා ගෙන ගිය යුතුය. නාන විට, දිය යට ගොස් කුකුළු බිත්තරයක් ගෙනෙන්නට කතිකා කරගමු...“ මේ අදිකාරම්වරු රහසින් කරගත් කථාවය.
“නාන්නට යමු...“ යි කී කල, අන්දරේ ද “හොඳයි...“ කියා පිටත් විය. සියල්ලෝම ගොස් ස්නානය සඳහා ගඟට බැස්සෝය.
“දිය යට ගොස් කුකුළු බිත්තරයක් ගෙනෙන්නට පුළුවන් කාට ද ?“ යි මහ අදිකාරම් තුමා විමසා සිටියේය. “මට පුළුවන්... මට පුළුවන්...“ කියා අදිකාරම්වරු සියල්ලෝම කීහ. ඔවුන්ගේ ප්‍රයෝගය අන්දරේ නොදැන “මටත් පුළුවනි...“ යි කීය.
සියල්ලෝම දිය යට ගොස් යලි උඩ මතු වූහ. අදිකාරම්වරු අත් දික් කොට කුකුළු බිත්තර පෙන්නුවෝය. එවිට අන්දරේට ඔවුන්ගේ කපටිකම තේරුණේය.
කුකුළෙකු අත්තටු ගසන්නා සේ, හේ අත් දෙක දියෙහි ගසා “කුක්කු කූ කූ... කවුරුත් කිකිළියෝ ! මම පමණයි කුකුළා...!!!“ යනුවෙන් කීය.
අදිකාරම්වරු මහත් ලැජ්ජාවට පත් විය.ඔවුහු ඒ බැව් නොහඟවා, මහත් සේ සිනාසුනෝය !
මෙවැනි ජන කතා රැසක් දැකිය හැකිය.මේවා ඉතාමත් රසවත් හා උපදේශාත්මක කතා ලෙස හැදින් විය හැකිය.සරල භාෂාවකින් මෙම ජන කතා කිම නිසා ලොකු කුඩා සියලු දෙනාට මනාව තේරුම් ගැනීමට හැකියාව ඇත.
"ජන විශ්වාස"
ගැමි විශ්වාසය අනුව කාලය බොහෝ වැදගත් අංගයකි.මෙහිදී සුබ කටයුතු සදහා නැකැත් බැලීම,රාහු කාලය මග හැරීම සිදු කරයි.එමෙන්ම කාන්තාවන්ට සවස් කාලය නිවසින් පිටවිම, රාත්‍රි ගමන් යාම ආදිය නුසුදුසු බවත් යක්ෂ බැල්ම වෙටෙනවාය යන විශ්වාසය ගැමියන් අතර වේ.
විවිධ වෘක්‍ෂ පිළිබඳ ගැමි විශ්වාසයන් බොහෝය. සමහර වෘක්‍ෂ වල දේවිදේවතාවුන් වාසය කරන බව විශ්වාසය විය. වෘක්‍ෂ අතර කිරිවෘක්‍ෂ වලට ලැබෙන ස්‌ථානය විශේෂිතය. ඉන් කොස් ,නා,නුග වෘක්‍ෂ ප්‍රධානය. කිරි වෘක්‍ෂ ගැමියන් තුළ සශ්‍රීකත්වය පිළබිඹු කරන දෙයක් ලෙස විශ්වාස කරයි. බෞද්ධයන් බෝධීන් වහන්සේට ප්‍රධාන තැනක් ලබා දී ඇත. බෞද්ධ ජනතාව අතිශය ගෞරව කරන බෝධීන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම්, සිවුරු ආදිය පූජා කරන්නේ,ප්‍රාර්ථනා කරන්නේ මේ නිසාවෙනි.
ජනශ්‍රැතියේ අංග අතර විවිධ සත්ව වර්ග පිළිබඳ විශ්වාස රාශියකි.යම් යම් සතුන් සුභ අසුභ ලෙස ඔවුන් දැකිය.පුසා මුහුන සේදීම,පොල්කිච්චන් දෙදෙනෙකු දැකිම,කුකුලා හැඩිම සුබ ලෙස විශ්වාස කළේය.හුනා හැඩිම,බල්ලන් කන්පට ගැසීම,පොල්කිච්චේකු දැකිම අසුභ දේවල් ලෙස විශ්වාස කරනු ලැබීය.
ජීවිතයේ දී සිදුවන අයහපත් ක්‍රියාවලට ජන විශ්වාසයක් තිබේ. ගැමියන් තුල ඇස්වහ,කටවහ,හෝවහ දෝෂ පිළිබද විශ්වාසයක් ඇත.ඒවයින් මිදීමට වතුර මැතිරිම,දෙහි කැපිම,වත් පිළිවෙත් කිරීමත් සිදු කරයි.
මෙවැනි විශ්වාස අතර සෙත් කවි හා වස් කවි වලට ලැබෙන්නේ ප්‍රමුඛ තැනකි. සෙත් කවි මගින් තමාට යහපත, සෞභාග්‍ය උදාවේ. වස් කවි තුළින් සාප කිරීමක් සිදු කරයි.එමෙන්ම ජෝතිෂ්‍ය සාත්තර දැඩි ලෙස විශ්වාස කරනු ලබයි.ඒ අනුව වත් පිළිවෙත් සිදු කිරිම ද කරනු ලබන්නේ දැඩි විශ්වාසයෙනි.
ජන විශ්වාස නිසා සමාජය යම් සංවරණයකට ලක් කළා යැයි පැවසිය හැකිය.මෙයද ප්‍රාදේශීය ලෙස වෙනස් විය.එමෙන්ම ස්ව කැමැත්ත මත පිලිගැනීම හෝ නොපිළිගැනිම සිදු විය.නමුත් සමාජයට බොහෝ විට හොද පනිවිඩයක් මේ තුලින් ලබා දීමත් මිනිසුන් පාලනයකට නතු කිරිමටත් සමත් වූ ජන සංනිවේදනයක් ලෙස දැක් විය හැකිය.
"ජන නාට්‍ය"
මේ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ,
*සොකරි
*කෝළම්
*නාඩගම්
නමුත් සොකරි නාටකයේ පොදු කථාව මෙසේය.ගුරු හාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා සමග ලංකාවට පැමිණ පදිංචියට ඉඩමක් සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක් ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරු හාමිගේ කකුල බල්ලෙක් සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව පලායයි.කෙළවර ආපසු සියළු දෙනා සමාදානවෙයි.මුලික වශයෙන් කථාව එසේ වුවද රංගනයේදී නොයෙකුත් අතුරු කථා රසවත් සිදුවීම් අපමණව නිරූපණය කෙරේ.
හාස්‍ය රසය ලබා දෙමින් කරනු ලබන මෙම නාටකය ගැමියන්ගේ ජීවන ගමනේ දුක් පීඩා මොහොතකට නතර කරනු ලබයි. බෙර වයමින් ජන කවි විලාසයෙන් මෙහි කවි ගායනා කරනු ලබයි.එහි එන සරල කවියක් පහත දැක් වේ.
ළැම දිලිසෙන්නේ
කෝළ නැතුව සබයට
එළි බැසලා නටන්නේ
මාල කරට දමා
හැට්ට සළු පළදින්නේ
බාළ සොකරි ළමා මෙනුඹ
නටා වරෙන්නේ ”
"ජන වෙදකම"
පමණක් රෝග සදහා ගැමියන් බෝධි පුජා පැවැත් විම සිදු කල අතර දෙවියන් පිළිබදවද දැඩි විශ්වාසයක් තිබූ අතර පුජා පැවැත් විමද සිදු කරනු ලැබීය.
ජන වෙදකම තුලින් පෙර සිටම රෝග රැසකට ප්‍රතිකාර කරනු ලැබීය.බොහෝ විට පරම්පරාවෙන් පරම්පරාවට මේ වෙදකම් හුරුව ලැබීය.මෙයද සාර්ථක ලෙස සන්නිවේදනය තුලින් මුඛ පරම්පරා ගතව පැවැතුනු ක්‍රමයක් විය.