Tuesday, December 5, 2017

"පැරණි ජන සන්නිවේදන ක්‍රම"

"  අතීත ජනයා අදහස් හුවමාරු  කර ගත් ක්‍රම කිහිපයක් දැකිය හැකිය.ඒ අතර පක්ශීන් යොදා  ගැනීම ඒ අතර ප්‍රධාන වේ.එහිදි හංසයන්,ගිරවුන් ,මොණරුන්,සැළලිහිණියන් ආදී  පක්ශීන් යොදා ගත් බව ඉතිහාස පොත්පත්වල  සදහන් වේ.සංදේශ කාව්‍ය වල පනිවිඩ යැවීමේදී මෙම පක්ශීන් යොදා ගත් ආකාරය විස්තර කෙරේ.දුම් ගැසීම්,ගින්න,කොඩි,සේසත්,අණබෙර,විරිදු,කවිකොළ,දුනුඊතල යොදාගැනීම ආදිය ද අදහස් හුවමාරු කර ගෙනීමේ දී යොදා ගෙන ඇත.
    
                               විශේෂයෙන් තොරතුරු හුවමාරු කර ගත් ක්‍රම අතර කටකතා,ඕපදුප,කසුකුසු විම් ආදිය ප්‍රබලම සන්නිවේදන ක්‍රම විය.මෙහිදී කඩපිල,අම්බලම ආදී ජනයා රැස් වූ ස්ථාන තොරතුරු හුවමාරු කර ගැනීමේදී පහසු විය.
        
                                                                                                               නමුත් මෙම සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමෙදී සන්නිවේදනය පිළිබද විශ්වාසයක් නොමැත.ග්‍රාහකයා වෙත පනිවිඩය ලැබුනාද යන්න දැන ගැනිමක් නැත.එනම් එකීය සන්නිවේදනයකි. "

"ජන නැටුම්"


       ජන නැටුම් පිළිබඳව කතා කිරීමේ දී ලන්කාවේ විවිධ ජන නැටුම් දැකිය හැකිය. ඒවා          
  •           කුළු නැටුම්                
  •         කළගෙඩි නැටුම් 
  •         පන්තේරු නැටුම්
  •        ගොයම් නැටුම්
  •        රබන් නැටුම් 
  •       මෝල්ගස් නැටුම්

                                          ආදිය දැක්විය හැකිය.

                මේවා බොහෝ විට ජන වෘත්තිය හා බැදුනු නැටුම් විය.ජන නැටුම් තුලින් මානසික සතුටක්,වෙහෙස නිවා ගැනිමක් කිරිමට ගැමියන් ,විනෝදාත්මක අංගයක් ලෙසත් රග දැක්විය.වර්තමානය වන විට පාසලට පමණක් සිමා වී ඇති බවක් දැකිය හැකි වීම කනගාටුවට කරුණකි.

"ජන කතා"

      
    ජනකතාව යනු කටවහරින්, ලිඛිතව හෝ රඟ දැක්මෙන් හෝ වෙනත් අයුරකින් සාම්ප්‍රදායිකව පැවත එන කතාවකි. උදාහරණ ලෙස පංචත්නත්‍රය හිතෝපදේශය, ජාතක කතා, අරාබි නිසොල්ලාසය හෝ සින්ඩරෙල්ලා ආදිය සඳහන් කළ හැකිය.සිංහල ජන කතා අතර අන්දරේගේ කතා ප්‍රධාන වේ.එවැනි ජන කතාවක් පහත දැක් වේ.
        * “මම පමණයි කුකුළා”
සිංහල රජෙකුට අන්දරේ නම් කවටයෙක් සිටියේය. සෑම තැනදීම සිනා උපදවන කවටකම් කරන්නට ඔහු දක්ෂයෙකි. දවසක් රජුගේ අදිකාරම්වරු මේ අන්දරේ පරදවන්නට රහසින් කථා කර ගත්තෝය.
“අපි අන්දරේ සමග ගඟට නාන්නට යමු... එක් එක්කෙනා කුකුළු බිත්තරයක් සඟවා ගෙන ගිය යුතුය. නාන විට, දිය යට ගොස් කුකුළු බිත්තරයක් ගෙනෙන්නට කතිකා කරගමු...“ මේ අදිකාරම්වරු රහසින් කරගත් කථාවය.
“නාන්නට යමු...“ යි කී කල, අන්දරේ ද “හොඳයි...“ කියා පිටත් විය. සියල්ලෝම ගොස් ස්නානය සඳහා ගඟට බැස්සෝය.
“දිය යට ගොස් කුකුළු බිත්තරයක්  ගෙනෙන්නට පුළුවන් කාට ද ?“ යි මහ අදිකාරම් තුමා විමසා සිටියේය. “මට පුළුවන්... මට පුළුවන්...“ කියා අදිකාරම්වරු සියල්ලෝම කීහ. ඔවුන්ගේ ප්‍රයෝගය අන්දරේ නොදැන “මටත් පුළුවනි...“ යි කීය.
සියල්ලෝම දිය යට ගොස් යලි උඩ මතු වූහ. අදිකාරම්වරු අත් දික් කොට කුකුළු බිත්තර පෙන්නුවෝය. එවිට අන්දරේට ඔවුන්ගේ කපටිකම තේරුණේය.
කුකුළෙකු අත්තටු ගසන්නා සේ, හේ අත් දෙක දියෙහි ගසා “කුක්කු කූ කූ... කවුරුත් කිකිළියෝ ! මම පමණයි කුකුළා...!!!“ යනුවෙන් කීය.
අදිකාරම්වරු මහත් ලැජ්ජාවට පත් විය.ඔවුහු ඒ බැව් නොහඟවා, මහත් සේ සිනාසුනෝය !
                         මෙවැනි ජන කතා රැසක් දැකිය හැකිය.මේවා ඉතාමත් රසවත් හා උපදේශාත්මක කතා ලෙස හැදින් විය හැකිය.සරල භාෂාවකින් මෙම ජන කතා කිම නිසා ලොකු කුඩා සියලු දෙනාට මනාව තේරුම් ගැනීමට හැකියාව ඇත.

"ජන විශ්වාස"

         ගැමි විශ්වාසය අනුව කාලය බොහෝ වැදගත් අංගයකි.මෙහිදී සුබ කටයුතු සදහා නැකැත් බැලීම,රාහු කාලය මග හැරීම සිදු කරයි.එමෙන්ම කාන්තාවන්ට සවස් කාලය නිවසින් පිටවිම, රාත්‍රි ගමන් යාම ආදිය නුසුදුසු බවත් යක්ෂ බැල්ම වෙටෙනවාය යන විශ්වාසය ගැමියන් අතර වේ.
           විවිධ වෘක්‍ෂ පිළිබඳ ගැමි විශ්වාසයන් බොහෝය. සමහර වෘක්‍ෂ වල දේවිදේවතාවුන් වාසය කරන බව විශ්වාසය විය. වෘක්‍ෂ අතර කිරිවෘක්‍ෂ වලට ලැබෙන ස්‌ථානය විශේෂිතය. ඉන් කොස්‌ ,නා,නුග වෘක්‍ෂ  ප්‍රධානය. කිරි වෘක්‍ෂ ගැමියන් තුළ සශ්‍රීකත්වය පිළබිඹු කරන දෙයක්‌ ලෙස විශ්වාස කරයි. බෞද්ධයන් බෝධීන් වහන්සේට ප්‍රධාන තැනක්  ලබා දී ඇත. බෞද්ධ ජනතාව අතිශය ගෞරව කරන බෝධීන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම්, සිවුරු ආදිය පූජා කරන්නේ,ප්‍රාර්ථනා කරන්නේ මේ නිසාවෙනි.
                          ජනශ්‍රැතියේ අංග අතර විවිධ සත්ව වර්ග පිළිබඳ විශ්වාස රාශියකි.යම්  යම් සතුන් සුභ අසුභ ලෙස ඔවුන් දැකිය.පුසා මුහුන සේදීම,පොල්කිච්චන් දෙදෙනෙකු දැකිම,කුකුලා හැඩිම සුබ ලෙස විශ්වාස කළේය.හුනා හැඩිම,බල්ලන් කන්පට ගැසීම,පොල්කිච්චේකු දැකිම අසුභ දේවල් ලෙස විශ්වාස කරනු ලැබීය.  
ජීවිතයේ දී සිදුවන අයහපත් ක්‍රියාවලට ජන විශ්වාසයක්‌ තිබේ. ගැමියන් තුල ඇස්වහ,කටවහ,හෝවහ දෝෂ පිළිබද විශ්වාසයක් ඇත.ඒවයින් මිදීමට වතුර මැතිරිම,දෙහි කැපිම,වත් පිළිවෙත් කිරීමත් සිදු කරයි.
                                 මෙවැනි විශ්වාස අතර සෙත් කවි හා වස්‌ කවි වලට ලැබෙන්නේ ප්‍රමුඛ තැනකි. සෙත් කවි මගින් තමාට යහපත, සෞභාග්‍ය උදාවේ. වස්‌ කවි තුළින් සාප කිරීමක් සිදු කරයි.එමෙන්ම  ජෝතිෂ්‍ය සාත්තර දැඩි ලෙස විශ්වාස කරනු ලබයි.ඒ අනුව වත් පිළිවෙත් සිදු කිරිම ද කරනු  ලබන්නේ දැඩි විශ්වාසයෙනි.
                           ජන විශ්වාස නිසා සමාජය යම් සංවරණයකට ලක් කළා යැයි පැවසිය හැකිය.මෙයද ප්‍රාදේශීය ලෙස වෙනස් විය.එමෙන්ම ස්ව කැමැත්ත මත පිලිගැනීම හෝ නොපිළිගැනිම සිදු විය.නමුත් සමාජයට බොහෝ විට හොද පනිවිඩයක් මේ තුලින් ලබා දීමත් මිනිසුන් පාලනයකට නතු කිරිමටත්  සමත් වූ ජන සංනිවේදනයක්  ලෙස   දැක් විය හැකිය.

"ජන නාට්‍ය"

       ජන නාටකද ජනශ්‍රැතිය තුල වැදගත් අංගයකි.තොවිල් පවිල්,කංකාරි,ගමිමඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත් ආභාෂය තුලින් ජන නාටක බිහි විය.පොදු ස්ථානයක් එළිමහන් රංග භූමියක් කර ගැමියන් සියල්ල එක් වී මෙම තොවිල්,නාටක,ශාන්ති කාර්ම නරබනු ලැබීය.ජනයාගේ වෙහෙස ,මහන්සිය, දුක් පිඩා මග හැර මනස සුවපත් කිරිම,එකමුතු බව වර්ධනය කිරිම උපදෙස් සැපයිම  මේවයේ අරමුණ විය.
මේ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ,
                 *සොකරි
                 *කෝළම්
                 *නාඩගම්
සොකරි:- සොකරි නාටකය යනු උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයකි.මෙම සොකරි නාට්‍යයේ විශේෂ ලක්ෂණය නම් අනුරූපණ මාධ්‍යයෙන් කථාවක් කීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර ‍කරන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති.මෙහි සමහර නළුවෝ වෙස් මුහුණු පළදින අතර නැටුමට හා ගැයුමට උපයෝගී කරගන්නා බෙරය ගැට බෙරයයි. සොකරි නාට්‍යයට මුලාශ්‍ර වන්නේ සොකරි කථාවයි.මෙම කතාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ.
                    නමුත් සොකරි නාටකයේ පොදු කථාව මෙසේය.ගුරු හාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා සමග ලංකාවට පැමිණ පදිංචියට ඉඩමක් සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක් ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරු හාමිගේ කකුල බල්ලෙක් සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව පලායයි.කෙළවර ආපසු සියළු දෙනා සමා‍දානවෙයි.මුලික වශයෙන් කථාව එසේ වුවද රංගනයේදී නොයෙකුත් අතුරු  කථා රසවත් සිදුවීම් අපමණව නිරූපණය කෙරේ.
                                 හාස්‍ය රසය ලබා දෙමින් කරනු ලබන මෙම නාටකය ගැමියන්ගේ ජීවන ගමනේ දුක් පීඩා මොහොතකට නතර කරනු ලබයි. බෙර වයමින්  ජන කවි විලාසයෙන් මෙහි කවි ගායනා කරනු ලබයි.එහි එන සරල කවියක් පහත දැක් වේ.
        "ආල වඩන පියයුරු දෙක
         ළැම දිලිසෙන්නේ
         කෝළ නැතුව සබයට
         එළි බැසලා නටන්නේ
         මාල කරට දමා
         හැට්ට සළු පළදින්නේ
         බාළ සොකරි ළමා මෙනුඹ
         නටා වරෙන්නේ ”
මෙවෙනි ජන නාටක තුලින් සන්නිවේදනය හොදින් සිදු විය.හාස්‍ය මතු කරගත් මෙම නාට්‍ය මානසික සුවපත් බවට හේතු විය.එමෙන්ම ගැමියන් සියල්ල එකතු වූ අවස්ථාව මෙම රංග භුමිය වීම විශේෂතත්වයකි.

"ජන වෙදකම"

     ගැමියන් අතර තවත් ප්‍රචලිත ජනශ්‍රැති අංගයක්‌ ලෙස ජන වෙදකම විශේෂ තැනක්‌ ගනී. මේ සඳහා ආගමික, අභිචාර සහ වෛද්‍ය ක්‍රම පදනම් වී ඇත. සාම්ප්‍රදායික වෙදකමක්‌ ලෙස සලකන මෙය සඳහා මුදල් වැය විමක් නැත. අදාළ ගැමියන් මගින් ඖෂධ සපයා දීම සිදුකළ අතර තම ශ්‍රමය මගින් සහාය දීම කරන ලදී. ජන වෙදකම සඳහා අත් බෙහෙත් භාවිත කරයි.පහසුවෙන් සොයා ගත හැකි ඔසු පැළ යොදා ගනු ලැබීය.නමුත් වටිනා ඔසු සොයා ගැනිම අපහසුය.විශේෂයෙන්ම කසාය,තෙල්,පත්තු,හිස කුඩිච්චි,පොට්ටනි ආදිය ද කෙම් ක්‍රම,මැතිරිම්  ද වෙදකමේ අංග වේ.ඕනෑම දරුණු රෝග,කැඩුම් බිදුම් සදහා ජන වෙදකම මහත් පිටිවහලක් විය.දෙහි,පොල්පලා,රණවරා,අත් කහ,වැල් මී,පාවට්ටා,බැබිල,බෙලි,සැවැන්න ආදී ඔසු බහුලව භාවිතා කරනු ලබයි.
පමණක් රෝග සදහා ගැමියන් බෝධි පුජා පැවැත් විම සිදු කල අතර දෙවියන් පිළිබදවද දැඩි විශ්වාසයක් තිබූ   අතර පුජා පැවැත් විමද  සිදු කරනු  ලැබීය.
        ජන වෙදකම තුලින් පෙර සිටම රෝග රැසකට ප්‍රතිකාර කරනු ලැබීය.බොහෝ විට පරම්පරාවෙන් පරම්පරාවට මේ වෙදකම් හුරුව ලැබීය.මෙයද සාර්ථක ලෙස සන්නිවේදනය තුලින් මුඛ පරම්පරා ගතව පැවැතුනු ක්‍රමයක් විය.

"තේරවිලි"

         
       තේරවිලි බොහෝ විට විනෝදාස්වාදය සදහා,වැඩ බිමේදී වෙහෙස මග හරවා ගැනීමට යොදා ගන්නා ලදී.කෙටි තේරවිලි,තුන් තේරවිලි මෙන්ම තේරවිලි කවි ද ජනයා විසින් භාවිතා කරන අතර මෙය ඉතා රසවත් ජන අංගයක් ලෙස දැක්විමට පුළුවන. එවැනි තේරවිලි කිහිපයක් පහත වේ.

*ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ             ගහක් - අන්නාසි

*අලියා නොයන මග - ඉණිමග

*පුංචි ලිදේ වතුර රසයි - තැබිළි ගෙඩිය

*කැලේට පාන - අක්කපාන

*කෑවොත් පළතුරක් කැපුවොත්  මරණයක් - බෙලි

*උඩිනුත් ගින්දර
  යටිනුත් ගින්දර
  මැදින් සවුන්දර
  කාන්නේ පාන්දර  -  ආප්ප

*ඇදල ගත්තා -  දමල ගැහුවා
  මලක් පිපුනා - මල පරවුනා  -  ගිනිකුර

*පලයන් බස් එක පතහට - පලයන් නම් පෝ,බස් එක නම්                රිය,පතහට නම් වල- පෝරියවල - වාරියපොළ

*ටින් ටින්  ගාන්නා තෝරා එවාපන්
  ටං ටං ගාන්නා තෝරා එවාපන්
  මගවැලී පිසින්නා තොර එවාපන්
  දෙගම්බඩ රජා තෝරා එවාපන්

-ටින්  ටින් ගාන්නා ලේනා නොවේදෝ
ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ
මගවැලී පිසින්නා කුකුලා නොවේදෝ
දෙගම්බඩ රජා කිබුලා නොවේදෝ

*ගසට නමකි ගස මැරුනම වෙන නමකි
  ගෙඩියට නමකි ගෙඩියේ සුබුලට නමකි
  මදට නමකි මද කනකොට වෙන නමකි
  මෙතුන් පදේ තෝරාලා කියන් සකි

-ගසට ගොයම් ගස මැරුනම පිදුරු ගස
පලට වී පලය සුබුලට කියන නම
සාලැට වසා සිටි කුඩු දහයියා රැස
මදට හාල් නම් බුදිනා බත්ය රස

"ජන ගී"


   ජනශ්‍රැතියේ වැදගත් අංගයක්‌ වන ජන ගී අප රටේ ජනප්‍රිය දෙයකි. ජන ගී මිනිසුන්ගේ අපේක්‍ෂා හැඟීම් හා අදහස්‌ පෙන්වා දෙන දෙයකි.සිංහල ගැමි සමාජය දෙස බලන විට විශේෂ ජනකවි ගණනාවක්‌ හඳුනා ගත හැක. ගොයම් කවි, පැල් කවි, පතල් කවි, පාරු කවි, ක්‍රීඩා කවි, සමයං කවි, තේරවිළි කවි, තහංචි කවි, කුල ගැන සඳහන් කවි, වන්නම් ආදී ලෙසය. මේ අතරින් ගොයම් කවි යනු ගොයම් කැපීමේදී හා පාගා ගැනීමේදී මෙන්ම පැළ සිටුවා ගැනීමේදී ගායනා කරන දෙයකි. ගැල් කරුවන් තනිකම හා කාලය මගහරවා ගැනීමට කරත්ත කවි භාවිත කරයි. පාරු පදින්නන් විසින් ගඟේ ඔරුවක්‌ තුළ හෝ පාරුවක්‌ තුළ තනිකම හා වෙහෙස නිවා ගන්නා ලද්දේ පාරු කවි කීමෙනි. බොහෝ අවස්‌ථාවල ක්‍රීඩා කවි ජන ක්‍රීඩා සඳහා යොදාන්නා ලදී.මෙවැනි ජන කවි තුලින් පාළුව,වෙහෙස,මහන්සිය මග හරවා ගැනිමට  ගැමියන් කටයුතු කලෝය.මෙය ඉතා රසවත් මෙන්ම ඔවුන්ගේ උද්යෝගයට ද හේතු විය.
  එවැනි ගොයම් කවි පහත දැක් වේ.
      වරම් ගතිමි ඉර සද දෙවි අතින් වරම්
      වරම් ගතිමි මිහිකත් දෙවි අතින් වරම්
      වරම් ගතිමි සක්වල දෙවි අතින් වරම්
      වරම් ගොයම් කැපුමට දෙවිදුගේ වරම්
තෙල් ගාලා හිස පිරන් නැනෝ
ඇට වැල ඇරගෙනබැදගන් නැනෝ
සේලේ අරගෙන ඇදපන් නැනෝ
ගොයම් කපන්නට යමු අපි නැනෝ
          රන් දැකැති ගෙන නිත් සැරසෙනවා
          රන්වන් පටි ඉන වට දිලිසෙනවා
          හිරු දුටු පිනි බිදු ලෙස පහ වෙනවා
          දුම්බර කෙතේ අපි ගොයම් කපනවා

Monday, December 4, 2017

"ප්‍රස්තාව පිරුළු"

  අතීතයේ  සිට පැවත එන ජනශ්‍රැතියේ අපූර්ව  ක්‍රමයක්  ලෙස ප්‍රස්තාව  පිරුළු  හැදින්වීමට පුළුවන.මෙහිදී හාස්‍ය රසය මුසුකරගත් ව්‍යංග්‍යර්ථ  ප්‍රකාශනයක් ලෙස මෙම ප්‍රස්තාව පිරුළු දැක්විය හැකිය.මේවා  සෑම විටම උපදේශයක් සැපයීමට භාවිතා කළ පිරුළු  විය.එවැනි  ප්‍රස්තාව පිරුළු කිහිපයක් පහත දැක්වේ.
      
1.කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ.
          * යම්දෙයක වටිනාකම නොදන්නා කෙනෙකුට  වටිනා යමක් පිරිනැමීම සිදු කල විට.
  2.පරංගියා කෝට්ටේ  ගියා වගේ.
          *ඉතා ළඟ ඇති ස්ථානයකට නොදන්නා  කමින් බොහෝ දුරක් ගොස්  පැමිණීම .
  3.බළලුන්  ලවා කොස් ඇට බෑවීම.
         *අවධානම් ක්‍රියා වෙනකෙකු ලවා කර ගැනීම.
  4.ඉගුරු දීලා මිරිස්  ගත්තා වගේ.
          *නරක  යමක් ඉවත් කර ඊටත් වඩා නරක  යමක් ළං කර ගැනීම
   5.කළුවා මාරපන් ගියා වගේ.  
            *යමෙක් විස්තර  නොදැන අරමුණක් නැති  ගමනක් ගිය විට.
6.ඉබ්බාගෙන් පිහාටු ඉල්ලුවා වගේ.
             *ලබා ගැනීමට  නොහැකි  යමක් කෙනෙකුගෙන් ඉල්ලූ විට.
  7.වක්කඩේ හකුරු හැංගුවා වගේ.
             *වටිනා යමක් පරිස්සමට විනාශ වන තැනක  තැබීමෙන්  විනාශ  වීම.
  8.වදුරට දැලි පිහිය අහු වුනා වගේ.
             *නුසුදුසු  පුද්ගලයකු  අතට යමක් ලැබුණු  විට වන හානිය.
  9.වදින්න  ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ.
               *යහපත් යමක් කරන්න ගිය විට ඉන් කරදරයට වැටීම.
10.කබලෙන් ලිපට වැටුණ  වගේ.
             *කරදරයකට මුහුණ  දී සිටියදී තවත්  කරදරවලට පත් වීම.