Monday, December 4, 2017

"ප්‍රස්තාව පිරුළු"

  අතීතයේ  සිට පැවත එන ජනශ්‍රැතියේ අපූර්ව  ක්‍රමයක්  ලෙස ප්‍රස්තාව  පිරුළු  හැදින්වීමට පුළුවන.මෙහිදී හාස්‍ය රසය මුසුකරගත් ව්‍යංග්‍යර්ථ  ප්‍රකාශනයක් ලෙස මෙම ප්‍රස්තාව පිරුළු දැක්විය හැකිය.මේවා  සෑම විටම උපදේශයක් සැපයීමට භාවිතා කළ පිරුළු  විය.එවැනි  ප්‍රස්තාව පිරුළු කිහිපයක් පහත දැක්වේ.
      
1.කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ.
          * යම්දෙයක වටිනාකම නොදන්නා කෙනෙකුට  වටිනා යමක් පිරිනැමීම සිදු කල විට.
  2.පරංගියා කෝට්ටේ  ගියා වගේ.
          *ඉතා ළඟ ඇති ස්ථානයකට නොදන්නා  කමින් බොහෝ දුරක් ගොස්  පැමිණීම .
  3.බළලුන්  ලවා කොස් ඇට බෑවීම.
         *අවධානම් ක්‍රියා වෙනකෙකු ලවා කර ගැනීම.
  4.ඉගුරු දීලා මිරිස්  ගත්තා වගේ.
          *නරක  යමක් ඉවත් කර ඊටත් වඩා නරක  යමක් ළං කර ගැනීම
   5.කළුවා මාරපන් ගියා වගේ.  
            *යමෙක් විස්තර  නොදැන අරමුණක් නැති  ගමනක් ගිය විට.
6.ඉබ්බාගෙන් පිහාටු ඉල්ලුවා වගේ.
             *ලබා ගැනීමට  නොහැකි  යමක් කෙනෙකුගෙන් ඉල්ලූ විට.
  7.වක්කඩේ හකුරු හැංගුවා වගේ.
             *වටිනා යමක් පරිස්සමට විනාශ වන තැනක  තැබීමෙන්  විනාශ  වීම.
  8.වදුරට දැලි පිහිය අහු වුනා වගේ.
             *නුසුදුසු  පුද්ගලයකු  අතට යමක් ලැබුණු  විට වන හානිය.
  9.වදින්න  ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ.
               *යහපත් යමක් කරන්න ගිය විට ඉන් කරදරයට වැටීම.
10.කබලෙන් ලිපට වැටුණ  වගේ.
             *කරදරයකට මුහුණ  දී සිටියදී තවත්  කරදරවලට පත් වීම.
     
     

No comments:

Post a Comment