Tuesday, December 5, 2017

"ජන ගී"


   ජනශ්‍රැතියේ වැදගත් අංගයක්‌ වන ජන ගී අප රටේ ජනප්‍රිය දෙයකි. ජන ගී මිනිසුන්ගේ අපේක්‍ෂා හැඟීම් හා අදහස්‌ පෙන්වා දෙන දෙයකි.සිංහල ගැමි සමාජය දෙස බලන විට විශේෂ ජනකවි ගණනාවක්‌ හඳුනා ගත හැක. ගොයම් කවි, පැල් කවි, පතල් කවි, පාරු කවි, ක්‍රීඩා කවි, සමයං කවි, තේරවිළි කවි, තහංචි කවි, කුල ගැන සඳහන් කවි, වන්නම් ආදී ලෙසය. මේ අතරින් ගොයම් කවි යනු ගොයම් කැපීමේදී හා පාගා ගැනීමේදී මෙන්ම පැළ සිටුවා ගැනීමේදී ගායනා කරන දෙයකි. ගැල් කරුවන් තනිකම හා කාලය මගහරවා ගැනීමට කරත්ත කවි භාවිත කරයි. පාරු පදින්නන් විසින් ගඟේ ඔරුවක්‌ තුළ හෝ පාරුවක්‌ තුළ තනිකම හා වෙහෙස නිවා ගන්නා ලද්දේ පාරු කවි කීමෙනි. බොහෝ අවස්‌ථාවල ක්‍රීඩා කවි ජන ක්‍රීඩා සඳහා යොදාන්නා ලදී.මෙවැනි ජන කවි තුලින් පාළුව,වෙහෙස,මහන්සිය මග හරවා ගැනිමට  ගැමියන් කටයුතු කලෝය.මෙය ඉතා රසවත් මෙන්ම ඔවුන්ගේ උද්යෝගයට ද හේතු විය.
  එවැනි ගොයම් කවි පහත දැක් වේ.
      වරම් ගතිමි ඉර සද දෙවි අතින් වරම්
      වරම් ගතිමි මිහිකත් දෙවි අතින් වරම්
      වරම් ගතිමි සක්වල දෙවි අතින් වරම්
      වරම් ගොයම් කැපුමට දෙවිදුගේ වරම්
තෙල් ගාලා හිස පිරන් නැනෝ
ඇට වැල ඇරගෙනබැදගන් නැනෝ
සේලේ අරගෙන ඇදපන් නැනෝ
ගොයම් කපන්නට යමු අපි නැනෝ
          රන් දැකැති ගෙන නිත් සැරසෙනවා
          රන්වන් පටි ඉන වට දිලිසෙනවා
          හිරු දුටු පිනි බිදු ලෙස පහ වෙනවා
          දුම්බර කෙතේ අපි ගොයම් කපනවා

No comments:

Post a Comment