Tuesday, December 5, 2017

"තේරවිලි"

         
       තේරවිලි බොහෝ විට විනෝදාස්වාදය සදහා,වැඩ බිමේදී වෙහෙස මග හරවා ගැනීමට යොදා ගන්නා ලදී.කෙටි තේරවිලි,තුන් තේරවිලි මෙන්ම තේරවිලි කවි ද ජනයා විසින් භාවිතා කරන අතර මෙය ඉතා රසවත් ජන අංගයක් ලෙස දැක්විමට පුළුවන. එවැනි තේරවිලි කිහිපයක් පහත වේ.

*ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ             ගහක් - අන්නාසි

*අලියා නොයන මග - ඉණිමග

*පුංචි ලිදේ වතුර රසයි - තැබිළි ගෙඩිය

*කැලේට පාන - අක්කපාන

*කෑවොත් පළතුරක් කැපුවොත්  මරණයක් - බෙලි

*උඩිනුත් ගින්දර
  යටිනුත් ගින්දර
  මැදින් සවුන්දර
  කාන්නේ පාන්දර  -  ආප්ප

*ඇදල ගත්තා -  දමල ගැහුවා
  මලක් පිපුනා - මල පරවුනා  -  ගිනිකුර

*පලයන් බස් එක පතහට - පලයන් නම් පෝ,බස් එක නම්                රිය,පතහට නම් වල- පෝරියවල - වාරියපොළ

*ටින් ටින්  ගාන්නා තෝරා එවාපන්
  ටං ටං ගාන්නා තෝරා එවාපන්
  මගවැලී පිසින්නා තොර එවාපන්
  දෙගම්බඩ රජා තෝරා එවාපන්

-ටින්  ටින් ගාන්නා ලේනා නොවේදෝ
ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ
මගවැලී පිසින්නා කුකුලා නොවේදෝ
දෙගම්බඩ රජා කිබුලා නොවේදෝ

*ගසට නමකි ගස මැරුනම වෙන නමකි
  ගෙඩියට නමකි ගෙඩියේ සුබුලට නමකි
  මදට නමකි මද කනකොට වෙන නමකි
  මෙතුන් පදේ තෝරාලා කියන් සකි

-ගසට ගොයම් ගස මැරුනම පිදුරු ගස
පලට වී පලය සුබුලට කියන නම
සාලැට වසා සිටි කුඩු දහයියා රැස
මදට හාල් නම් බුදිනා බත්ය රස

No comments:

Post a Comment